Arogya

Techub is the partner of choice for many of the world’s leading enterprises. We help businesses development.

Get UPdate

Blog Details

Home / Blog Details

පැලුණු කකුල් සුව කර ගන්න හොඳම සත්කාර මෙන්න
By 0 Comments

පැලුණු කකුල් සුව කර ගන්න හොඳම සත්කාර මෙන්න

[vc_row][vc_column][vc_column_text]ලස්සන කියද්දීම හැමෝම හිතන්නේ මූණ සුදු කර ගන්න එක තමයි ඉතින් ලස්සන කියන්නේ කියලා. ඒත් සුදු මුණ දිහා බලලා කකුල් දෙක බලද්දී මුණේ ලස්සනත් හේදිලා යනවා නම් වැඩක් නෑ නේද? ලස්සන කියන්නේ හැම දේකටම. ඉස්සර හිටපු කාන්තාවන් හිසේ සිට දෙපතුල දක්වාම වර්ණනා වුනේ ඒ නිසානේ.හිසකෙස්, දෑස්, දෙතොල, සම, නිය පෙළ වගේම ඔබ අනිවාර්යෙන්ම වැඩි අවදානයක් දෙන්න ඕන තැනක් තමයි ඔයාගේ කකුල් දෙක. අපේ කකුල් දෙක නිතරම අව් රශ්මියට නිරාවරණය වෙනවා. කුණු, දුවිලි ඇතුළු හැම අපද්‍රව්‍යක් එක්කම ගැටෙනවා. ඒ නිසා විශේෂ සැලකිල්ලක් හා අවදානයක් ඔබ අනිවාර්යෙන් ඔබේ දෙපා වලට ලබා දිය යුතුයි. මේ හේතු වගේම සමේ තෙතමනය අහිමි වීම, පිත් රෝග නිසා කකුල් පැලීම කියන්නේ ගොඩක් දෙනෙක් අතර දකින්න ලැබෙන පොදු තත්ත්වයක්. ඒ වගේම සුන්දරත්වයට බාධාවක්.

මුණ බලලා කකුල් දෙක බලද්දී මුණේ සුදත් හේදිලා යන්න නොදී අද ඉදන්ම මේ සත්කාර වලින් පැලුණු දෙපා සුව කර ගන්න. විශේෂයෙන් පැලුණු දෙපා වලින් විෂබීජ පවා ශරීරගත වෙන්න ඉතියෙන ඉඩ වැඩියි. ඒ නිසා මේ ගැන වැඩි අවදානයක් දෙන එක ඔයාගේ ලස්සනට වගේම සෞඛ්‍යයටත් හොඳයි.

රාත්‍රී නින්දට පෙර හොඳින් පිරිසිදු කර ගත් දෙපා හා යටි පතුල් වල වැස්ලින් ආලේප කරන්න. මාසයක් දෙකක් යද්දී අනිවාර්යෙන් සාර්ථක ප්‍රතිපල ලබා ගන්න පුළුවන්.

විටමින් E කරලක තෙල් අරගෙන රාත්‍රී නින්දට පෙර පැලුණු යටිපතුල් වල ආලේප කරන්න.

පොල් තෙල් මේස හැදි එකක්, සීනී මේස හැන්දක් සහ මී පැණි මේස හැන්දක් එක කර හොඳින් මිශ්‍ර කර හොඳින් පිරිසිදු කර ගත් කකුල් වල අලේප කරන්න.

ග්ලිසරින් සහ රෝස වතුරේ වලිනුත් පැලුණු කකුල් වලට ප්‍රතිකාර කරන්න පුළුවන්. ග්ලිසරින් වලින් සම මෘදු වන වෙනවා. ඒ වගේම රෝස වතුර වල විටමින් A, B3, C, D සහ E, මෙන්ම ප්‍රතිඔක්සිකාරක අඩංගු වෙනවා. ඒ වගේම එය හොඳ විෂබීජනාශක ගුණයෙන් යුක්තයි.

ග්ලිසරින් හා රෝස වතුර සමාන ප්‍රමාණයෙන් මිශ්‍ර කර නිදාගැනීමට පෙර දිනපතාම කකුල් වල අලේප කරන්න. වියලෙනකල් ඉඳලා නින්දට යන්න.

 

Published By :
wishmaya.com[/vc_column_text][/vc_column][/vc_row]

Share: